නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
උමැප/ අනු/කැකි/පලා/ කළුගල විද්‍යාලය

උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අධ්‍යාපන කලාපයේ පලාගල අධ්‍යාපන කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති අ/ කළුගල විද්‍යාලය කළුගල, උස්සාන, පල්ලකැලේ සහ කොස්ගහහින්න යන ප්‍රදේශවල දරුවන් අධ්‍යාපනය ලබන පාසලකි. වසර කිහිපයක සිට කළුගල විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරන මා හට අභියෝග රැසකට මුහුණ දීමට සිධු විය. නමුත් ප්‍රදේශයේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම අනාගත සංවර්ධනය වෙනුවෙන් සියලු බාධක මද ගෙන ඔවුන් හා අත්වැල් බැද ගනිමින් පාසල දිනෙන් දින දියුණුව කරා රැගෙන යාමට බලාපොරොත්තු වෙමි. එසේම අප පාසලේ සියලුම දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
උමැප/අනු/කැකි/පලා/ කළුගල විද්‍යාලය