කළුගල අප විදුහල් මෑණී
ඔබ වේ අප සරසවි දෝණී
දන මන පොබයන ජනපද සිළුමිණ
චිරං ජයතු විදුහල් මෑණී.........//
කෙත් වතු සාරයි වැවි දිය මිහිරයි
නිල් කඳු යායයි මනහාරයි
වන මල් වියනයි මී පැණි සුවඳයි
විදුහල් බිම අති රමණීයයි .....//
ඉසුරින් සපුරැණ රුසිරෙන් දිදුලන
සුදනන් නිවසන ජනපදයේ
ගුණදම් අගයන වියතුන් බිහිවන
සරසවි පින් බිම අප සැමගේ......//
ගුණ මිණි පහනකි සිප්කිරි සයුරකි
සදා දිලෙන විදුහල් අම්මේ
දින දින දියුණට පියවර ඔසවන
ඔබෙ නම සුදිලෙයි ලක් දෙරණේ .....//
කළුගල අප විදුහල් මෑණී........//