උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව මැතිවරණ කොට්ඨාසයේ පලාගල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත් කළුගල ග්‍රාම සේවා වසමේ මාතලේ, කුරුණැගල, අනුරාධපුර දිස්ත්‍රික් සීමාවේ අක්කර 03 ක පමණ වු බිම් කඩක උමැප/අනු/කැකි/පලා කළුගල විද්‍යාලය පිහිටා ඇත.
1994.02.01 දින ආරම්භක විදුහල්පති වශයෙන් ඩබ්.එම්.එච්. කරුණාරත්න මහතා හා උපගුරු වශයෙන් ලලිත් වීරමන් මහතාගේ ප්‍රධානත්වයෙන් උමැප/අනු/කැකි/පලා කළුගල විද්‍යාලය ප්‍රාථමික පාසලක් ලෙස ආරම්භ කෙරිණි. ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් වූ අතර ඒ සදහා විශේෂ උපදෙස් ලබා දෙන ලද්දේ යූ.ඩී. මහින්දසෝම මැතිතුමා , උතුරුමැද පළාත් සභාවේ ගරු සභාපති ඒ. ජයතිලක මැතිතුමා හා බුද්ධශාසන රාජ්‍ය අමාත්‍ය ගරු ධර්මප්‍රිය ගමගේ මැතිතුමා විසිනි.
2004 වර්ෂය දක්වා 1-4 ශ්‍රේණි දක්වා පමණක් පැවති අතර 2005 වර්ෂයේදී 5 ශ්‍රේණිය ද 2007 වර්ෂයේදී 6 ශ්‍රේණිය ද 2008 වර්ෂයේ 8,9 ශ්‍රේණි ද ආරම්භ කළ අතර 2011 වර්ෂය වන විට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් 1 සිසුවෙකු සමත් වීමටත් සාමාන්‍ය පෙළ විභාගයෙන් 75% ක ප්‍රතිඵල කරා ලගා වීමටත් හැකියාව ලැබුණි.
විවිධ පරිත්‍යාගශීලීන් ප්‍රධාන රැසක් පාසලට ලැබුණු අතර 2007 වර්ෂයේ ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනය මගින් ගොඩනැගිල්ලක් ද 2008 වර්ෂයේ ටෙලිකොම් ආයතනය මගින් විද්‍යා උපකරණ රැසක් ලැබුණි. එම වර්ෂයේදීම 6-11 ශ්‍රේණියේ පොල් අතු සෙවිලි කළ ශාලාව වෙනුවට නව ගොඩනැගිල්ලක් පරිත්‍යාග කිරීමට කිරිබත්ගොඩ මංජුල මහතා කටයුතු කළ අතර 2012 වර්ෂයේ දැයට කිරුළ යටතේ ප්‍රාථමික අංශයට පරිගණක ඒකකයක් ලබා දුන් අතර 2012 වර්ෂයේ පෑන් ඒසියා ආයතනය මගින් 60 x 20 ගොඩනැගිල්ලක් ලබා දුනි. එසේම 2016.12.21 දින සිට මෙම පාසල මහා විද්‍යාලයක් ලෙසට අනුමත වුවත් ගුරුවරු හිගය හේතුවෙන් උසස් පෙළ පන්ති ආරම්භ කර නොමැත.
කැකිරාව මැතිවරණ කොට්ඨාසයේ අතිදුෂ්කර පාසලක් වන මෙම පාසල දියුණු කිරීමට පළමු විදුහල්පතිතුමාගේ සිට එම්.එච්. කරුණාරත්න මහතා, ඩී.බී. විජේරත්න මහතා, ටී. බී. තෙන්නකෝන් මහතා, ටී. එම්. ඒ. බංඩාර මහතා ඇතුළු වත්මන් විදුහල්පතිතුමා වන එන්. ජී. විජේවර්ධන මහතාගේ හා සියලුම ගුරුභවතුනගේ කැපවීම ඉමහත්ය.
|
ආරම්භ කළ වර්ෂය |
1994 පෙබරවාරි 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
40 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩබ්.එම්.එච්. කරුණාරත්න මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
උමැප/අනු/කැකි/පලා කළුගල විද්‍යාලය |